a

Iskoleta Man Awa Sinhala Movie | ඉස්කෝලෙට මං ආවා | සිංහල චිත්‍රපටය DVDRip


Iskoleta Man Awa|ඉස්කෝලෙට මං ආවා|සිංහල චිත්‍රපටය

Movie Info


කතා සාරාංශය
      ගෙවන සෑම දවසක්ම සූකිරි ගත කළේ මහමගය. පදික වේදිකාව ඔහුගේ ස්ථිර නවාතැනය. පාසල් වයසේ පසුවුවත් සූකිරිට ඒ වාසනාව උදාවූයේ නැත. පාසල් යන තම වයසේ ළමුන් දැක විටෙක් ඔහු කම්පාවට  පත්විය. එදින පටන් ඔහු පාසල් යාමට අධිෂ්ඨානයක්ද ඇති කර ගනී. සූකිරිට සිටියේ ආච්චි පමණි. සිඟාකෑම ඔවුන්ගේ ජීවිකාව විය. දින සති එලෙස ගෙවී ගියේය. පාසල් යාමේ ආසාව සූකිරි මැඩගෙන සිටියේ මහත් අසීරුවෙනි. එක්තරා තැනකදී ඔහු පාසලට හොරෙන් ඇතුළුවන්නේ ඒ ආසාව තවදුරටත් පාලනය කරගත නොහැකිවූ  මොහොතකය. අවසානයේ පාසලේ විනය පාලක ගුරුවරයා විසින් අල්ලා ගන්නා සූකිරි විදුහල්පති ගාවට රැගෙන යයි. සූකිරිගේ විස්තර අසනා විදුහල්පතිට ඔහු පිළිබඳ අනුකම්පාවක් ඇතිවෙයි. එහෙයින් සූකිරිට භාරකරුවෙකු සමග පැමිණෙන්නැයි විදුහල්පති පවසයි. සූකිරි සැනින් ආච්චිව සොය දුව එයි. එහෙත් අවසානාව තවමත් සූකිරි සොයා ඒම නැවතී නැත. ඔහුගේ සියලුම බලාපොරොත්තු සුන්වී යන්නේ එදිනම හෘදයාබාධයකින් ආච්චි මියගොස් සිටිනු දැකීමෙනි. මෙලොව තනිවන සූකිරි පොත් විකුණා ජීවිතය ගැටගසා  ගැනීමට පටන් ගනියි. ඒ අතරතුරදී අහම්බෙන් පාසලේ විදුහල්පතිවරයා මහමගදී හමුවෙයි. සූකිරගේ දෛවය වෙනස් වන්නේ ඒ මොහොතේදීය. ඔහුව හඳුනාගන්නා විදුහල්පතිව‍රයා සූකිරිව තම නිවසට රැගෙන එන්නේය. විදුහල්පතිවරයා සූකිරිට සලකන්නේ තම දරුවෙකුට පරිද්දෙනි. ඒ ඔහුගේ පවුලට දරු සම්පත අහිමිවීම හේතුවෙනි. එහෙත් විදුහල්පතිගේ බිරිය සූකිරිට කෙනහිලිකම් කරන්නේ විදුහල්පතිටද දොස් පවරමිනි. මේ නිවසේ සිටින එක්තර අයෙකු සූකිරිට විශේෂ වෙයි. ඒ විදුහල්පති බිරියගේ මවයි. දුර්ලභ රෝගයකින් පෙළෙන ඇයගෙ දෙඅත් පණ නැතිය. සූකිරිට ඇය දකින වාරයක් පාසා ඔහුගේ ආච්චි මතක් වන්නේය. විදුහල්පති බිරියගේ මව ඇයගේ දෑත අප්රාඇණිකවීම ගැන කනස්සල්ලෙන් පසුවන්නේය. සූකිරිගේ සැඟවුණු දක්ෂතා මතුවන්නට පටන්ගන්නේ එතැන්දීය. විදුහල්පතිගේද උදව් ඇතිව තම ඥානය දියුණු කරගන්නා සූකිරි විදුහල්පති බිරියගේ මවගේ දෑත ප්රදකෘති තත්ත්වයට පත්කිරීමට හැකි උපකරණයක් සෑදීමට පටන්ගන්නේය. නිවසේ අන් අයට එය විහිළුවක් බවට පත්වුවත් සූකිරි සිය කාර්යය නවත්වන්නේද නැත. මේ හේතුවෙන් සූකිරි පැටලෙන්නේ නොසිතූ සිදුවීමකටය. අවසානයේ ඔහුට සිදුවන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවු තැනකට යන්නටය.
නළු නිළි පිරිස
සඳුන් දොලමුල්ල නිෂ්පාදනය කරනු ලැබූ මෙම සිනමාපටයේ එඩ්නා සුගතපාල, කුමාර වඳුරැස්ස, රොෂානා ඔන්ඩච්චි, රජිත චාමිකර (පිංපොං), උපුල් වීරසිංහ (උපුල් මාමා), උදිත් අබේරත්න, සමන්ති ලැනරෝල්, තේජා නදීශානි, විරාජ් මධුෂාන්, කුසල් වීරමන්ත්‍රී, ෂයිනි රෝචනා නෙත්තිකුමාර, ජගත් ඇපලදෙනිය, ජයතිස්ස අතුලසිරි, රොහාන් පෝල්, සුජීව රොහාන්, අරුණ ධම්මික, තිරාජ් දෙව්මිණ, දෙනුර වීරසිංහ, නිම්න වර්ෂණ ආදිහු රංගනයෙන් දායක වෙති.
කාර්මික ශිල්පීන්
කැමරා අධ්‍යක්ෂණය සුමිත් කුමාරගේ විසිනි. නිරෝෂන් විජේසිංහ සහය අධ්‍යක්ෂවරයා ය. රන්ජන් ප්‍රසන්න සම්බන්ධීකරණයෙන් දායක විය. රසික තෙන්නකෝන් අංගරචනයෙන්, අශෝක චාමින්ද වාස් කලා අධ්‍යක්ෂණයෙන්, සුජීව රොහාන් නිෂ්පාදන කළමනාකරණයෙන් ඉස්කෝලෙට මං ආවා සිනමා පටය වෙනුවෙන් එකතු වූහ. කතා සංකල්පය නිෂ්පාදක සඳුන් දොලමුල්ලගෙනි. සංස්කරණය සහ වර්ණ ගැන්වීම ශාන් අල්විස් නිම කරන ලදී. උදාර සමරවීර සංගීත අධ්‍යක්ෂවරයා ය. කුසල් වීරමන්ත්‍රී ගායනයෙන් එකතු විය. සංඛ සමරප්පුලිගේ ගීත රචනයකි. නිශ්ශංක විජේරත්න නිශ්චල ඡායාරූප ශිල්පියා ය.
✒️Movietime.lk

Watch Movie Online
Rip Info

|720p|Mp4|X264|DVDRIP|900MB|

SLMoviesHD වෙතින් නොමිලේ ඔබවෙත ලබාදෙන මෙම පිටපත පිලිබඳ කිසිඳු වගකීමක් අපවිසින් දරන්නෙ නැත.

Post a Comment

0 Comments