a

Katha Karana Heena Sinhala Full Movie 2019


Katha Karana Heena (කතා කරන හීන)
සිංහල ළමා චිත්‍රපටය 


Director: Somalatha Herath Manike/සෝමලතා හේරත් මැණිකේ

Actors: Buddhika Jayarathne/බුද්ධික ජයරත්න, Semini Iddamalgoda/සෙමිනි ඉද්දමල්ගොඩ, Dinul Ransith/දිනුල් රන්සිත්, Chandrasena Bindu/චන්ද්‍රසේන බින්දුහේවා

Release Date: 15 Mar, 2019

film crew අපූර්ව- දිනුල් රන්සිත් ,අපූර්වගේ අම්මා-සෙමිනි ඉද්දමල්ගොඩ අපූර්වගේ තාත්තා- බුද්ධික ජයරත්න ,සීයා- චන්ද්‍රසේන බින්දුහේවා අමායා- අමායා මියුලැසි අපූර්වගේ රියදුරු- ආනන්ද අතුකෝරාල ,විදුහල්පති- මහින්ද කරුණාරත්න ,පංති භාර ගුරුතුමා-අංජන ප්‍රේමරත්න සුළු චරිත බොහොමයක් තියෙනවා ඒවා අවශ්‍ය නැහැ කියා හිතනවා අධ්‍යක්ෂණය -සෝමලතා හේරත් මැණිකේ ,සහය අධ්‍යක්ෂණය-දක්ෂි ප්‍රසංගා, කැමරා අධ්‍යක්ෂණය-අජන්ත ඒකනායක ,සංගීත අධ්‍යක්ෂණය -සුජිත් මිල්රෝයි,ප්‍රසන්න සංජීව . අංග රචනය -ජයන්ත සිරිමාන්න ගීත රචනය- සෝමලතා හේරත් මැණිකේ

Movie Story
කතා සාරංශය

නීතිඥවරයකු වන අපූර්වගේ තාත්තා, බැංකුවක ඉහළ නිලධාරිනියක් වන අම්මාත් බොහෝ විට රැකියාව සඳහා දවසේ වැඩි කාලයක් ගත කරද්දී අපූර්ව තනි වෙයි. තමාට වඩා අවුරුදු 07 ක් වැඩිමල් සහෝදරයා පරිගණකය, ඉගෙනීම මෙන්ම ක්‍රීඩා හා බැඳෙයි. සහෝදරයා නගරයේ පාසලක ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙකි. අපූර්වල පරිසරය හා බැඳුණ පරිගණක ලෝකයෙන් ඈතට ගිය තමාගේම සිහින තුළ ජීවත්වන දරුවෙකි. ඔහු තමා අවට පවතින සියලු දේටම ජීවය ඇතැයි සිතයි. ඔහු ගස්වැල් තරු වලාකුළු පොත්වල අකුරුල සතුන් මේ සියල්ලන් සමඟ කතා කරයි. ඔහු ඇවිදීමට නොහැකි අමායා නමැති ගැහැණු ළමයා සිය හොඳම යෙහෙළිය කර ගනියි.

කතන්දර හා සිහින තුළ ජීවත්වන අපූර්වට අකුරු ඉලක්කම් සමඟ ඉගෙනීම අප්‍රිය ජනක වේග ඔහු පරිසරයෙන් ඉගෙන ගන්නා දේට ඇලුම් කරයි.  පිළිවෙළින් පාසල් යාම, අමතර පන්ති, අපූර්වට මහත් වදයක් ලෙස දැනෙයි. දෙමව්පියන් වෙත ළං වන්නට උත්සාහ කළ ද බොහෝ විට ඔහු ප්‍රතික්ෂේප වන බව ඔහුට දැනෙයි. ඒ නිසාම ඔහු දුරස් වෙයි.

අපූර්ව නූගතකු වී සහෝදරයා උගතෙකු වේ යැයි බිය ගන්නා දෙමව්පියන් අපූර්ව උගතෙකු කිරීමේ වෑයමක යෙදෙයි. ඒ නිසාම අපූර්වගේ හැඟීම් තේරුම් ගන්නට දෙමව්පියන්ට නොහැකි වේ.

අපූර්වට යහළුවෙකු මුණ ගැසෙයි. ඒ කතන්දර සීයාය. සීයා වාහන සාදන වැඩපළක සේවය කරයි. අපූර්වගේ සිහින පාට කරන සීයාටත් අමායාටත් ඔහු දැඩි ලෙස ඇලුම් කරයි.

නොහඳුනන විශ්වාස කළ නොහැකි ආගන්තුකයෙකු යැයි කතන්දර සීයා ගැන සිතන මව්පියන් සීයාට දරුවාගෙන් ඈත්වන ලෙසට දැනුම් දෙයි. සීයා අපූර්ව මුණ නොගැසෙන්නට පරිස්සම් වෙයි. මේ නිසාම අපූර්ව තනි වෙයි.
✒️MoviesTime.lk

Rip Info
Mega|720p|Mp4|X265|DVDRIP|300MB|

නිවේදනයයි: අප බ්ලොග් අඩවිය හරහා නොමිලේ ඔබවෙත ලබා දෙන මෙම පිටපත අන්තර්ජාලයෙන් උපුටාගෙන මෙහි පළ කර ඇතිබව අවධානයෙන් දන්වා සිටිමු.



Post a Comment

0 Comments